සුන්දර නිල්වලා මිටියාවත දෙස විරාජ මානවවෙලා නිදිත කදු පන්තියක මුදුනත වැඡබෙන දෑරංගල මහ විදුහලේ මාතාවගේ මෙහෙවර'මාර/දෑරංගල 3 පියවර රඡයේ ප්‍රාතමික විද්‍යාලය'නමින් ඇරඹෙන්නේ 1963 වර්ෂයේ දෙසැම්බර් මස පළමු වන දින දීය.විද්‍යාලයේ ආරම්හක ගුරුතුමා වූයේ ඵල්.ඡී.කළු ආරච්චි මහතාය.ඵතුමා සමග ඵස්.ඩබ්.චයවර්ධන ඇදුරු තුමා ද විද්‍යාලය සමාරම්භයට අවැසි කටයුතු සම්පාදනය කරමින් සහාය දක්වා තිබේ. මුල් ගුරු නිවාසය හා පොල් අතු මඩුවක් සහිත විදුහල් බිමට දූ දරුවන් පැමිනෙන්නේ 1964වර්ෂයේ ඡනවාරි 06 වැනි දිනවලදීය.ඵදින බාලාංශ පන්තියට සිසුන් දහසයක්ද(16),තුන්වෙනි පන්තියට සිසුන් දෙදෙනෙක්ද(2)භාර දී ඇත.ඵම වර්ෂයෙ ඔක්තෝම්බර් මස හත් වැනි (7) දින වන විට ශිෂ්‍ය සංඛ්‍යාව එකසිය තිස් පහක් (135) දක්වා වසරක් ඉක්මයන විට විද්‍යාලයේ ආචාරය මණ්ඩලය පස් දෙනෙකුගෙන් (05) ද ශිෂ්‍ය සංඛ්‍යාව එකසිය තිස් පහකින් (135) ද සමන්විත විය. ක්‍රම ක්‍රමයෙන් දියූණුව වෙත පියවර ඔසවන දෑරංගල විදුහල් මාතාව 1980 වරෂයේ සිට අ.පො.ස. සා.පෙළ දක්වා පන්ති අරඹමින් මහා විද්‍යාලයක් බවට පත් වේ. උ.පෙළ කලා පන්ති ඇරඹෙන්නේ 2007 වරෂයේ දී ය.2007 අපොස උපෙළ පන්ති කලා විෂය ධාරාවෙන් අරඹමින් දෑරංගල පෙදෙසේ සුවහසක් දූ දරුවන්ගේ සරසවි සිහිනයට මනා අත්වැලක් සපයාලීමට සමත් විය.
ශිෂ්‍යත්ව විභාගය අ.පො.ස. සා.පෙළ විභාගය හා අ.පො.ස උසස් පෙළ විභාගය යන රජයේ විභාගවලින් අති විශිෂ්ට ජයගහණ ලබන දූ දරුවන් හේතුවෙන් දෑරංගල මහා විද්‍යාලය මොරවක කොට්ඨාසයේ දෙනියාය අධ්‍යපන කලාපයේ ප්‍රමුක පාසලක් බවට පත්ව තිබේ.පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ පාසැල් නොපැමිණෙන සිසු සිසුවියන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සම්පුරණ කිරීමට ප්‍රදේශයේ සංඥා පද්ධතිය දුරවල තත්ත්වයක පැවතීම විශාල බාධකයක් වී තිබේ එය සපුරා ගනිමින් නවීන තාක්ෂණික උපකරණ භාවිතය ඔස්සේ ඉගෙනුමේ නිම්වළලු සිසාරා සිසු පිරිසට අවකාශයේ සැරිසරනු වස් කටයුතු සම්පාදනය ඉදිරි පස් අවුරුදු හා වාරෂික සැලැස්මේ පමුඛතාව ගනී මීට අමතරව සියලු පහසුකම්වලින් සමන්විත ආපන ශාලාවක අවශ්‍යතාව ළගා කර ගැනීමට ද අපේක්ෂිත ය.
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
18 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඵල්.ඡී.කළු ආරච්චි |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඵස්.ඩබ්.චයවර්ධන |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
දෑරංගල මහ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
වර්තමානයේ පාසල ඇති ස්ථානයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1964 ජනවාරි 06 |