නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
දෑරංගල මහා විද්‍යාලය

* දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සුන්දරත්වය අලංකාර කරමින් ගලා බසින නිල් නදී කොමලියගේ පහස ලබමින් දෙනියාය අධ්‍යාපන කලාපයේ මොරවක අධ්‍යාපන කොට්ඨාසයේ තේ දල්ලෙන් ජීවනාලිය කරගත් සුන්දර ගමක් පිහිටා ඇති අති දුෂ්කර පාසලක් වන මාර/දෑරංගල මහා විද්‍යාලයේ 700ට ආසන්න සිසු දරු පිරිසක් අධ්‍යාපනය ලබයි. ඔවුන්ගේ අධ්‍යාපනයට අමතරව ශරීර නීරෝගීතාවය ආරක්ෂා වීමට ක්‍රීඩාව ඉතා වැදගත් වේ. නීරෝගී කයක් තුළ නීරෝගී මනසක් බිහිවන බව ප්‍රකට කියමනකි. එම කියමන සනාථ කරමින් මෙම පූජ්‍ය භූමියේ අකුරු කරන දරුවන්ගේ සහජ දක්ෂතා තව තවත් ඔප් නැංවී දෑරංගල පූජ්‍ය භූමිය රටට වැඩදායක දරු පිරිසක් බිහිවේවා. දෑරංගල විදු මාතාව දිනෙන් දින දියුණුවට පා තබමින් වැජඹේවායි ප්‍රාර්ථනා කරමි
නියෝජ්‍ය විදුහල්පති, දෑරංගල මහා විද්‍යාලය